පූජාලෙන ආරණ්‍ය සේනාසනය

සරල පියවර තුනකින් දානයක් පිරිනමන්න

prmo icon

සේනාසනයක් තෝරන්න

ලබා දී ඇති සේනාසන ලැයිස්තුවෙන් කැමති සේනාසනයක් තෝරන්න.

prmo icon

දානය පිරිනමන්න

සේනාසනයට පිවිස හෝ අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමෙන් දානය පිරිනමන්න.

පූජාලෙන ආරණ්‍ය සේනාසනය, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය නගරයට ආසන්න ව, සිංහරාජ රක්ෂිත මා ඉමේ ඉතා නිස්කලංක රමණීය පෙදෙසක පිහිටා ඇත.

 1977 වසරේ ආරම්භ කරන ලද මෙම සේනාසනය, නා උයන ආරණ්‍ය සේනාසනයට අනුබද්ධ ව ශ්‍රී කල්යාණි යෝගාශ්‍රම සංස්ථාවේ පරමාර්ථයන්ට අනුකූලව පවත්වාගෙන යනු ලැබේ.

 යෝගාවචර භික්ෂූන් වහන්සේලා සඳහා ගල් ලෙන් කුටි ඇතුළුව තවත් කුටි 18 කින් ද,  කාමර 12කින් යුත් අභිනව කුටි සංකීරණයකින්ද,  පුජා ලෙන සෙනසුන සමන්විතවේ. එසේම ගල් ලෙන් විහාරයක්, සීමා මාලකයක්, පුස්තකාලයක්, දාන ශාලාවක් සහ ධර්ම ශාලාවකින්ද මෙම සෙනසුන සමන්විත වේ.

 අද වන විට භාවනානුයෝගී ස්වාමින්වන්සේ 15 නමක් පමණ මෙම සෙනසුනේ ගුණ ධර්ම පුර්ණය කරමින් වැඩසිටිති. එසේම පැවිදි බිමට ඇතුලත් වීමට අපේක්ෂාවෙන් කුල පුත්‍රයන් වහන්සේ  කිහිපනමක්ද මෙහි වැඩසිටිති.

 මෙම සෙනසුන නෙක්ඛම්ම අභිලාශි භාවනා අභිලාශි ගිහි පැවිදි දෙපාර්ශවයට ම සසුන් පිළිවෙත් පුරා ගැනීමට කදිම පින් බිමකි.

මෙම සේනාසනයේ නැවතී දානය පිලියල කර පසුදා දානය පිළිගැන්විය හැකිය. දානය පිලියල කිරීමට අවශය සියලු පහසුකම් මෙහි සලසා ඇත.

 

 

 

 

වැදගත් විස්තර

වැඩවසන ස්වාමීන් වහන්සේලා ගණන

15

Zoom යෙදුම ඔස්සේ සම්බන්ධ වීම

නොහැකියි

ආරණ්‍යය තුල දානය පිළියෙල කිරීම

හැකියි

කතාකිරීමට සුදුසු වේලාවන් (ශ්‍රී ලංකා වේලාවෙන්)

4:00 ප.ව. - 9:00 ප.ව.

සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා

මෙම තොරතුරු අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2023-01-25