සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය

සරල පියවර තුනකින් දානයක් පිරිනමන්න

prmo icon

සේනාසනයක් තෝරන්න

ලබා දී ඇති සේනාසන ලැයිස්තුවෙන් කැමති සේනාසනයක් තෝරන්න.

prmo icon

දානය පිරිනමන්න

සේනාසනයට පිවිස හෝ අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමෙන් දානය පිරිනමන්න.


සිංහරාජ ප්‍රාන්ත ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ ලෝක උරුම අඩවියක් වන, සිංහරාජ වැසි වනාන්තරයේ පිහිටා ඇති සුවිශේෂී බෞද්ධ ආරණ්‍යකි. රත්නපුර දිස්ත්‍රික්කයේ, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ,රක්වාන දකුණ ග්‍රාමසේවා වසමට අයත්   මෙම සේනාසනය ඓතිහාසික වැදගත් කමින් යුතු අරණ්‍ය සේනාසනයකි. සිංහරාජ වනයට අයත් බුළුතොට කඳු ශිඛරය අසබඩ පිහිටි මෙම සෙනසුන අධික වාර්ෂික වර්ෂාපතනයකින් යුත්, ඝන මීදුමෙන් වැසී යන පරිසරයක පිහිටා තිබේ. මෙම වනාන්තරය, කුරුල්ලන්ගේ නාද සහ ඇළ දොළ වලින් නැගෙන ශබ්දයන්  ගෙන්  පිරී ඇති අතර, භික්ෂූන් වහන්සේලාට භාවනා කිරීමට සහ බාධාවකින් තොරව  ධර්ම මාර්ගයේ ගමන් කිරීමට කදිම ස්ථානයකි. 

1961 වසරේ ආරම්භ කෙරුණු මෙම සෙනසුන, 2010 වසරේ සිට නිවැරදි භික්ෂු අධ්‍යාපනය ලබාදෙමින්  සාමණේර හා උපසම්පදා භික්ෂුන්වහන්සේලා වෙනුවෙන්  වූ වනවාස පිරිවෙනක්  සඳහා ද දායකත්වය සපයයි. ශික්‍ෂාකාමී ගුණගරුක හා බුද්ධිමත් සඟ පරපුරක් බිහිකිරීම වෙනුවෙන් සිංහරාජ අරණ්‍ය  සේනාසනාස්ථ  ශ්‍රී රෝහණ වනවාස පිරිවෙන සම්මානයට පවා පාත්‍රවී තිබේ.
අද වන විට මෙම සේනාසනයෙහි  භික්ෂුන්වහන්සේලා 55 නමක්  පමණ වැඩ වාසය කරති.
අවශ්‍යනම් මෙම සේනාසනයේ නැවතී දානය පිලියල කර පසුදා දානය පිළිගැන්විය හැකිය. දානය පිලියල කිරීමට අවශය සියලු පහසුකම් මෙහි සලසා ඇත.

 

 

 

 

 

 

වැදගත් විස්තර

වැඩවසන ස්වාමීන් වහන්සේලා ගණන

40

Zoom යෙදුම ඔස්සේ සම්බන්ධ වීම

නොහැකියි

ආරණ්‍යය තුල දානය පිළියෙල කිරීම

හැකියි

කතාකිරීමට සුදුසු වේලාවන් (ශ්‍රී ලංකා වේලාවෙන්)

12:00 ප.ව. - 4:00 ප.ව.

සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා

මෙම තොරතුරු අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2023-02-02