ශ්‍රීපාද අඩවි වන සේනාසනය

සරල පියවර තුනකින් දානයක් පිරිනමන්න

prmo icon

සේනාසනයක් තෝරන්න

ලබා දී ඇති සේනාසන ලැයිස්තුවෙන් කැමති සේනාසනයක් තෝරන්න.

prmo icon

දානය පිරිනමන්න

සේනාසනයට පිවිස හෝ අවශ්‍ය මුදල් පරිත්‍යාග කිරීමෙන් දානය පිරිනමන්න.

සුඛා තෙ සමණස්ස ඡායා

(ශ්‍රමණයන්ගේ සෙවණැල්ල ද සැපයකි)

උක්ත පාඨය සිය ආදර්ශ පාඨය කර ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ ගල්ලෑල්ල ප්‍රාදේශීය සභාවේ දෙමෝදර නම් කුඩා ගම්මානයේ පිහිටියා වූ ශ්‍රී පාද අඩවි වන සෙනසුන ශ්‍රීපාද අඩවියේ දකුණු මායිමේ පිහිටියා වූ රමණීය පරිසරයකින් හා කුඩා දොල පහරවල් කීපයකින් සමන්විත නිහඬ කුඩා ආරණ්‍ය සේනාසනයකි. සමනලුන්ගේ ත් කුරුල්ලන්ගේ ත් පාරාදීසයක් වන සමනල අඩවියේ දැහැන් ගත නිහැඩියාවන් හා බොහෝ සම්‍යදෘශ්ඨික දෙවියන්ගේ ආශීර්වාදයන් වොරැදි වන සෙනසුනේ දැනට උපසම්පදා භික්ෂූන් තුන් නමක් වැඩ සිටිනා අතර පැවිදි අපේක්ෂාවෙන් තරුණ උපාසකයින් කීප දෙනෙකු ද රැදී සිටී. විවිධ දර්ශනයන් හා භාවනා ක්‍රම අධ්‍යයනය කරමින් සත්‍ය ගවේශනයේ යෙදී සිටින තරුණ භික්ෂූන් වහන්සේලා සෑම දර්ශනයකටම ගරු කරමින් මුල් බුදු දහමේ රසය විදගැනීමට උත්සුක වෙමින් සිටිති. ග්‍රන්ථධූරයන් සේ ම විදර්ශනා ධූරයන්ද වඩමින් ආරාමයට පැමිණෙන ගිහි උවසුවන්ට ජාති ආගම් උගත් භේදයෙන් තොර ව සැමට එක සේ දහම් රසය විද ගැනීමට ඉඩ සලසන භික්ෂූන් සිය ආත්ම අර්ථය සේ ම පර අර්ථය වෙනුවෙන් ද කටයුතු කරන්නේ ඉමහත් දයාවෙනි. 

 

එකී සුන්දරත්වයන් කැටි කොට ගත් සෙනසුනේ දැක්ම වනුයේ තෙමේ ත් පරම අර්ථයන් ක්ෂාත් කොට සිය මනුෂ්‍ය වර්ගයාට ද අර්ථයක් කිරීම ය.

වැදගත් විස්තර

වැඩවසන ස්වාමීන් වහන්සේලා ගණන

2

Zoom යෙදුම ඔස්සේ සම්බන්ධ වීම

නොහැකියි

ආරණ්‍යය තුල දානය පිළියෙල කිරීම

හැකියි

කතාකිරීමට සුදුසු වේලාවන් (ශ්‍රී ලංකා වේලාවෙන්)

8:00 පෙ.ව. - 5:00 ප.ව.

සඳුදා, අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා

මෙම තොරතුරු අවසන් වරට යාවත්කාලීන කරන ලද්දේ 2024-03-20